Cake
Butter Sponge Cake - බටර් ස්පොන්ජ් කේක්
/ 1 year ago
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යනෙන් බටර් ස්පොන්ජ් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ කේක් එක උපන් දින කේක් සඳහා යොදාගන්න පුලුවන් ඔයාලට. බටර් ක්‍රීම් වගේ දෙයක් පාවිච්චි කරලා කේක් එක සැන්ඩ්විච් කරගෙන ඔයාලට මේ කේක් එක තට්ටු කීපයකට හදාගන්න පුලුවන් නම් තවත් රසය වැඩි කරගන්න පුලුවන්. බලන්නකෝ එහෙනම් මේ කේක් එක හදන්නේ කොහොමද කියලා..අවශ්‍ය දේවල්:
- බිත්තර 10
- සීනි 350g
- පිටි 350g
- වැනිලා තේ හැඳි 2
- රත් කර දියකරගත් බටර් මේස හැඳි 3
- බේකින් පවූඩර් තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය:
- බිත්තර සූදු මද, කහ මද වෙන් කරගන්න. සූදු මද ටික පෙන එනතුරු බීටි කරන්න. එයට සීනි ටික ටික එකතු කර දිගටම බීටි කරන්න. හොඳින් බීටි කරගත් පසූ කහමද එකබැගින් දමමින් බීටි කරන්න.
- පිටි හා බේකින් පවූඩර් එකට දමා තුන්වරක් හලාගන්න. එය පළමූ මිශ්‍රණයට බටර් සමග මාරුවෙන් මාරුවට දමමින් මිශ්‍ර කරන්න අවසානයේ දමාගත යූත්තේ පිටිය.
- දැන් එයට වැනිලාද එකතු කරන්න. අඟල් 10x10 ප්‍රමාණයේ තැටියකට බටර් තවරා ගත් තෙල් කඩදාසියක් දමන්න. එයට කේක් මිශ්‍රණය දමා 150°C උෂ්ණත්වයේ (300°F) විනාඩි 30ක කාලයක් බේක් කරගන්න. විනාඩි 30ක කාලය ගතවූ පසු ඉරටු කැබැල්ලක්/ටූත් පික් එකක් ගසා කේක් එක බේක් වෙලා ඇති දැයි පරික්ෂා කර ගන්න (ටූත් පීක් එක පිරිසිදුයි නම් කේක් එක බේක් වෙලා ඇති).
Fruit Cake - ෆෘට් කේක්
/ 2 years ago
ඔන්න පළතුරු කේක් හදන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි දැන් කියලා දෙන්න යන්නෙ. මීට කලිනුත් පළතුරු කේක් හදන විදි අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දීලා තියෙනවනේ. අද අලුත් ක්‍රමයක්. අපිට නිතරම පළතුරු කේක් හදන විදිහ කියලා දෙන්න කියලා ඊ-මේල් එවන අපේ ඉවුම් පිහුම් නෝනලා, මහත්වරුන්ටනම් ඕන් අද හොද දවසක්.
- කේක් පිටි (Cake Flour) කප් 2 ½ (275g)
- බිත්තර 5
- කාමර උෂ්ණත්වයේ පවතින බටර් (Butter) කප් ½ (115g)
- සීනි කප් 1 ½ (300g)
- බේකින් පවුඩර් (Baking Powder) තේ හැදි ½
- වැනිලා එසන්ස් (Vanilla Essence) තේ හැදි 3
- කිරි පිටි (Milk Powder) මේස හැදි 1
- චොප් කරපු කජු (Cashew) කප් ¼
- ටුටී ෆෘටී (Tutti Frutti) කප් ½
- ග්‍රේට් කර ගත් දෝඩම් පොතු (Orange Zest) ස්වල්පයක් (තියෙනවා නම් පමණක්)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම කේක් පිටි වලට බේකින් පවුඩරුයි, කිරි පිටියි දාලා කලවම් කරන් දෙතුන් පාරක් හොදට පෙනේරෙකින් හලා ගෙන පැත්තකින් තියන්න ඕනෙ වෙනකන්.
- පස්සේ භාජනයක් අරන් ඒකට සීනි ටිකයි බටර් ටිකයි දා ගෙන සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා ක්‍රීම් ගතියට එනකන්ම හොදට බීට් කර ගන්න ඕනේ.
- දැන් එක පාරකට 1 බිත්තරය ගානේ බටර් සීනි මිශ්‍රණයට එකතු කරන ගමන් බීට් කර ගන්න.
- ඊට පස්සේ ඒකටම වැනිලා ටිකත් එකතු කරලා යන්තමින් බීට් කර ගන්න.
- දැන් කලින් හලා ගෙන පැත්තකින් තියපු පිටි මිශ්‍රණයටම ටුටී ෆෘටී ටික එක්ක චොප් කරපු කජුයි, ග්‍රේට් කරපු දෝඩම් පොතුයි දාලා හොදට කලවම් කරන්න. (ටුටී ෆෘටී වලයි කජු කෑලි වලයි පිටි හොදට දැවටෙන්න ඕනේ.)
- ඊළඟට පිටි මිශ්‍රණයට බීට් කරපු මිශ්‍රණය දා ගෙන හැන්දකින් පෙරලන ගමන් පිටි කැටි හිටින්නේ නැති වෙන්න මිශ්‍ර කර ගන්න. (ඕනවට වඩා මිශ්‍ර කරන්න යන්න එපා.)
- අන්තිමට තෙල් කඩදාසියක් දා ගෙන බටර් ටිකක් ගා ගත්ත කේක් ටින් එකකට මිශ්‍රණය දා ගෙන කලින් 180°C / 350° උෂ්ණත්වයට රත් කරපු අවන් එකක විනාඩි 20 - 30ක් විතර බේක් කර ගෙන නිවුනට පස්සේ කේක් ටින් එකෙන් එළියට අර ගන්න.
වැදගත්:
- මේ ප්‍රමාණ වලින් අරන් කිලෝ එකක (1kg) පමණ කේක් එකක්හදා ගන්න පුළුවන්.
- කේක් මිශ්‍රණය බීට් කරන කොට කලවම් කරන කොට හැම වෙලේම එකම අතකට විතරක් බීට් / කලවම් කරන්න.
- පිරිසිදු ඉරටුවක් හරි ටූත් පික් (Tooth Pick) එකක් වගේ දෙයකින් කේක් එකේ මැදට ඇන ගෙන ඉරටුව / ටූත් පික් එක පිරිසිදුව එනව ද කියලා බලලා කේක් එක සම්පූර්ණයෙන් බේක් වෙලාද නැද්ද කියලා බලා ගන්න.
- කේක් පිටි හොයා ගන්න නැත්තම් මේ ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කොටසේ තියෙන, "ගෙදර දීම කේක් පිටි සාදා ගන්න ආකාරය." කියන ලිපිය පොඩ්ඩක් කියවලා බලන්නකෝ.
- කැමති නම් සීනි ටික ග්‍රයින්ඩරයකින් (Grinder) කුඩු කරන් පාවිච්චි කරන්න, එතකොට ලේසියි. (ගොඩාක් වෙලා බීට් කරන්න ඕන වෙන්නේ නැහැ.)
- කජු වෙනුවට කැමති නම් ආමන්ඩ් (Almonds) වුණත් එකතු කරන්න පුළුවන්.
- ටුටී ෆෘටී කඩේ ගන්න තියෙනවා. අපි මීට කලින් ඉවුම් පිහුම් ඇප් එකේ ටුටී ෆෘටී ගෙදරදීම හදාගන්න විදිහ කියලා දුන්නනේ. ඒ ලිපිය කියවපු නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න පොඩ්ඩක් මේ ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කොටසේ තියෙන,"ටුටී ෆෘටී ගෙදරදීම හදමු" කියන ලිපිය පොඩ්ඩක් බලන්නකෝ..
- පළතුරු කෑලි පිටි වලට දාලා පිටි දැවටෙනකන් කලවම් කරන්නේ, එතකොට පළතුරු කෑලි කේක් එකේ අඩියට බහින එක වලක්ව ගන්න පුළුවන් නිසයි.
පොටෝ ටිකත් බලන්නකෝ..
මේ දෝඩම් පොතු.
එතකොට මේ ටුටී ෆෘටී.
මුලින්ම මේ විදියට පාන් පිටි වලට බේකින් පවුඩරුයි, කිරි පිටියි දාලා හොදට පෙනේරෙකින් හලා ගන්න ඕනෙ.
පස්සේ බටර් සහ සීනි ක්‍රීම් වෙනකන් බීට් කර ගන්න..
පස්සේ බිත්තරේ ගානෙ දාන ගමන් බීට් කර ගන්න ඕනෙ.
මේ වගේ පිටි මිශ්‍රණයටම ටුටී ෆෘටී ටික එක්ක චොප් කරපු කජුයි, ග්‍රේට් කරපු දෝඩම් පොතුයි දාලා පිටි වල පළතුරු කෑලි දැවටෙනකන් හොදට කලවම් කරන්න.
ඔන්න පිටි මිශ්‍රණයට බීට් කරපු මිශ්‍රණය දා ගෙන තියෙන්නේ. දැන් ඉතින් හිමින් හැන්දකින් පෙරලන ගමන් කලවම් කරන්න ඕනෙ.
ඔන්න කලවම් කරන් කේක් මිශ්‍රණය හදන් ඉවරයි. දැන් කේක් තැටියට දාලා බේක් කරන්න තමයි තියෙන්නේ.
ඉතින් ඔය විදිහට හදාගත්ත අපේ රසම රස ෆෘට් කේක් එක තමයි මේ තියෙන්නෙ. කේක් එක හරිම මෘදුයි වගේම හරිම රසවත්.
ලිපිය ලියන්න කරුණු ලබාගත්තාamumsjournal.blogspot.com වෙබ් අඩවියෙන්.












Comments
Post a Comment