Drink

Sunny Orange Lemonade - රස්නෙ දවසකට කියාපු බීම එකක්
Admin / 6 months ago
ඔන්න අද කියලා දෙන්න යන්නෙ ලෙමන් සහ දොඩම් පාවිච්චි කරලා රසම රස බීම එක හදාගන්නේ කොහොමද කියලා. රස්නෙ දවසකටනම් කියාපු බීම එකක් මේක. හදාගන්නත් හරිම ලේසියි..

අවශ්‍ය දේවල්:

  • වතුර කෝප්ප 4 1/4 (වතුර කෝප්ප 1 1/4 ක් සහ වතුර කෝප්ප 3ක් වෙන් වෙන්ව)
  • සීනි කෝප්ප 1
  • ලෙමන් යුෂ කෝප්ප 3/4
  • දොඩම් යුෂ කෝප්ප 3/4
  • ගාගත්ත ලෙමන් ලෙලි තේ හැදි 2
  • ගාගත්ත දොඩම් ලෙලි තේ හැදි 1
  • අයිස් කැට (අවශ්‍ය තරමට)
  • ලෙමන් පෙති කීපයක් (සරසා ගැනීමට)

සාදාගන්නා ආකාරය:

  • සාස්පානකට වතුර කෝප්ප 1 1/4කුයි සීනියි දාලා හොදට ලිපේ තියලා වතුර නටවන්න හරින්න.
  • ඊට පස්සෙ ලිපේ ගින්දර අඩුකරලා තව විනාඩි 10ක් එහෙම්මම රත්වෙන්න හරින්න.
  • ඊට පස්සෙ ලිපෙන් ඉවත් කරගෙන නිමෙන්න හරින්න.
  • හොදටම නිවුනට පස්සෙ, වතුර කෝප්ප 4 1/4ක් දාගන්න පුලුවන් ලොකු වීදුරු ජෝගුවක් වගේ එකකට මේ සීනී සහිත වතුර මිශ්‍රණය මාරු කරගන්න ඕනෙ.
  • දැන් මේ ජෝගුවට දොඩම් යුෂයි දොඩම් ලෙලියි, ඒ වගේම ලෙමන් යුෂයි ලෙමන් ලෙලියි දාගෙන කලවම් කරලා, ජෝගුව වහලා, අඩු තරමේ පැයක් ශීතකරණයේ දාලා තියන්න.
  • ඊට පස්සෙ ඉතුරු වතුර ටික ජෝගුවට දාගෙන කලවම් කරගන්න ඕනෙ.
  • එච්චරයි! ඊට පස්සෙ තියෙන්නෙ පිළිගන්වන වැඩේ. පිළිගන්වනකොට ඔයාලට පුලුවන් අයිස් කැට දාපු වීදුරුවකට මේ බීම දාල කැමතිනම් ලෙමන් පෙත්තක් එක්ක පිලිගන්වන්න.

වැදගත්:

  • ලෙමන් ලෙලි, දොඩම් ලෙලි ගන්නකොට ඔයාලා මෙහෙමයි කරන්න ඕනෙ. ලෙමන් හරි දොඩම් හරි ගෙඩිය ඇරන් ඒකෙ පිට පැත්ත ග්‍රේටරයක් අදාරයෙන් ගා ගන්න. පිහියකින් වුනත් පොත්ත සූරා ගන්න පුලුවන් ඔයාලට. ග්‍රේටරයක්ම ඕනෙ නැහැ. මේවට කියන්නේ ලෙලි, එහෙමත් නැත්නම් සෙස්ට් කියලා කියන්නෙ. මේ ගෙඩි වල පොත්තයි රේණුයි අතර තියෙන සුදු පාට කොටස ගන්න එපා. ඒක තිත්තයි.

පොටෝ ටිකත් බලන්නකෝ..

මේ තියෙන්නෙ ගාගත්ත ලෙමන් ලෙලි.

එතකොට මේ තියෙන්නෙ ගාගත්ත දොඩම් ලෙලි.

අන්තිමට කැමතිනම් මේ වගේ මින්ච් කොළ කිහිපයකුත් දාලා සරසා ගන්න පුලුවන්.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේallrecipes.com වෙබ් අඩවියෙන්.

Comments

Popular posts from this blog

Cake

Cake2

Choolat cake