Rice4

ජපන් ක්‍රමයට බතක්
Admin / 2 years ago
ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ ජපන් ක්‍රමයකට රසම රස බතක් උයාගන්න විදිහ. අපි මේක හදන්නෙ තම්බගත්ත ඉස්සො එහෙම දාලා. බලන්නකෝ හදන විදිහ එහෙනම්.
 
අවශ්‍ය දේවල්:
  • සම්බා හාල් 2kg
  • ඉස්සන් 500g
  • ළූණු කොළ 400g
  • රට ළූණු 200g
  • එළඟිතෙල් 200g
  • ගම්මිරිස්, කරාඹුනැටි, එනසාල් (අඹරාගත්) මේස හැඳි 1 1/2
  • ලුණූ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • ඉස්සන් සුද්ධ කරගෙන තම්බා ගන්න.
  • එළඟිතෙල් නටවාගෙන ඉස්සන්, ළූණු කොළ, රට ළූණු සමග ගම්මිරිස් මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න.
  • ඊලඟට හාල්ද, ඊට උඩින් ඉස්සන් තැම්බූ වතුරද, අවශ්‍යනම් තවත් වතුරද ලුණුද එකතුකර බත තම්බාගන්න. එච්චරයි!





ලිපිය ලබාගත්තේ gayananethmi.comවෙබ් අඩවියෙන්.

Comments

Popular posts from this blog

Cake

Cake2

Choolat cake