Curry

Deviled Ladies Fingers - බණ්ඩක්කා ඩෙවල්
Admin / 2 years ago
සාදාගන්නා ආකාරය:
  • බණ්ඩක්කා සෝදා කෑලි කපා උතුරන වතුරට දමන්න.
  • ඒකටම ලුණු හා සෝයා සෝස් තේ හැන්දක් දමා විනාඩි 3ක් පමන තබා කෑලි ටික ඉවත් කරගන්න.
  • භාජනයක් ලිප තබා තෙල් රත් කර එයට තලාගත් සුදු ලූනූ දමා තෙම්පරාදු කරන්න.
  • දැන් කපාගත් බී ලූනූ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, තලාගත් ඉගුරු කෑල්ලක් එක්කරන්න.
  • කහ කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු එක්කර කවලම් කරන්න.
  • තක්කාලි සෝස් ටිකක් අවශ්‍ය නම් එකතු කරන්න.මම නම් දැම්මෙ නෑ.
  • දැන් සියල්ල තෙම්පරාදු වන අතරේ බණ්ඩක්කා කෑලි එක්කර කවලම් කර කපාගත් තක්කාලි කැබලි එකතු කර ලිපෙන් බාන්න.
  • බණ්ඩක්කා කෑලි හැපෙන ගානට තියෙන්න ඕනි.හරිම රසයි.

ලිපිය ලිව්වේ: කල්පනී මහේෂිකාමහත්මිය.







Shrimp & Green Bean - ඉස්සො සහ බෝංචි බැදුම
Admin / 4 months ago
ඉස්සොයි බෝංචියි එකට දාලා රසම රස බැදුමක් හදන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න යන්නෙ. ගොඩක් වෙලාවට අපි මේ ජාති දෙක දෙවිදිහකට වෙන වෙනමනෙ උයන්නෙ. මී පැණි වගේ දේවලුත් අපි මේ බැදුම හදනකොට එකතු කරගන්නවා. හැබැයි හරිම ලේසියි හදන්න නම්..

අවශ්‍ය දේවල්:

  • සුද්ද කරගත්ත ඉස්සො ග්‍රෑම් 455
  • දිගටි හැඩයට කපාගත්ත බෝංචි ග්‍රෑම් 360
  • ලුණු තේ හැදි 1
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • පොඩියට කපාගත්ත බ්‍රොකොලි කෝප්ප 1 (අත්‍යවශ්‍ය නැහැ)
  • පෙති කපාගත්ත කැරට් ග්‍රෑම් 120
  • සෝයා සෝස් කෝප්ප 1/2
  • මී පැණි කෝප්ප 1/4
  • කපාගත්ත සුදු ළුණු බික් 2
  • පොඩිකරගත්ත ඉගුරු තේ හැදි 1
  • තල ඇට මේස හැදි 1
  • පොල් තෙල් පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම භාජනයක් අරගෙන සෝයා සෝස්, ඉගුරු, සුදු ළුණු, මී පැණි, ලුණු, ගම්මිරිස් එකට දාලා සේරම ටික කලවම් කරගන්න.
  • ඊළගට තව භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් කරගෙන සුද්ද කරපු ඉස්සො ටික දාලා උයාගන්න.
  • ඉස්සො ටික හොදට ඉවුනහම(තැම්බුනාම) කලින් හදාගත්ත සෝයා සෝස් මිශ්‍රණය ඉස්සො වලට දාලා හොදට කලවම් කරගන්න.
  • ඊට පස්සෙ සෝස් එක පොඩ්ඩක් බුබුළු දාගෙන වගේ එනකොට කැරට්, බෝංචි, බ්‍රොකොලි ටික මේ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ කරන්න තියෙන්නෙ දන් මේ දාගත්ත එළවළු ටික තැම්බෙනකම් මේ විදියට ලිපේ තියාගන්න එක.
  • මේ විදියට එළවළු තැම්බුනාම තල ඇට ටිකත් උඩින් ඉහගෙනම අපිට මේ බැදුම කෑමට ගන්න පුළුවන්.

වැදගත්:

  • බ්‍රොකොලි කියන්නෙ ගෝවා මල් වගේ ජාතියක්. මේවා සුපර් මාර්කට් වල ගන්න තියනවා. බ්‍රොකොලි නෑ කියලා මේක හදන්නෙ නැතුව ඉන්න එපා. මොකද බ්‍රොකොලි අත්‍යවශ්‍යම නැහැ මේක හදන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..

මේ තියෙන්නෙ බ්‍රොකොලි.

H
බැදුම හදාගෙන යන ගමන් මේ.


මේ තියෙන්නෙ වැඩ ඔක්කොම ඉවර වුනාට පස්සෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේtasty.co වෙබ් අඩවියෙන්.

Comments

Popular posts from this blog

Cake

Cake2

Choolat cake